සමස්ත ලංකා ජයග්‍රහණ සබරගමුව



ශ්‍රී ලංකා පාසල් ජුඩෝ සංගමයේ මෙහෙයවීමෙන් ගම්පොලදී පවත්වන ලද 16 වැනි සමස්‌ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ බාලක සමස්‌ත ශූරතාව ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල (ලකුණ 32) නියෝජනය කළ ක්‍රීඩකයෝ දිනා ගත්හ.

එහි අනුශූරතාව ගම්පොල ජිනරාජ මහා විද්‍යාලය (ලකුණු 30) හිමිකරගත් අතර නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල (ලකුණු 14) තුන් වැනි ස්‌ථානය දිනාගත්තේය.

මෙවර බාලිකා අංශයේ සමස්‌ත ශූරතාව ගම්පොල ජිනරාජ බාලිකා විදුහල (ලකුණු 31) දිනාගත් අතර මාවනැල්ල රිවිසඳ මහා විදුහල (ලකුණ 16) ට අනුශූරතාමි වි
ව හිය. තුන් වැනි ස්‌ථානය හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල (ලකුණු 11) සතුවිය.

තරගාවලියේ අතිශූර ක්‍රීඩකයා ලෙස ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල නියෝජනය කළ අයි. එන්. ඒ. බී. උඩගෙදර සම්මාන ලැබූ අතර අතිශූර ක්‍රීඩිකාව ලෙස මහරගම මධ්‍ය මහා විදුහල නියෝජනය කළ සචිනි කෞශල්‍යා තිළිණ ලැබුවාය.

මෙවර තරගාවලියේ බාලිකා අංශයේ ශූරතාව දිනා ගත් ජිනරාජ බාලිකා විදහල එම තත්ත්වය පුරා 16 වසරක්‌ම ආරක්‌ෂා කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

බාලක තරග ප්‍රතිඵල

කි. ග්‍රෑ. 25 ට අඩු බර පංතිය

1. කේ. එල්. ඒ. අයේෂ් නදීම (වික්‍රමබාහු විදුහල), 2. ඡේ. ඒ. අසේල නලින් ජයසිංහ (උලපනේ විදුහල)

කි. ග්‍රෑ. 90 ට අඩු බර පංතිය

1. ඩබ්ලිව්. ඒ. දිමුතු ශාලිත ප්‍රේමරත්න (ජිනරාජ විදුහල), 2. කේ. එල්. සුරංජිත් මධුරංග (ජිනරාජ විදුහල)

කි. ග්‍රෑ 35 ට අඩු බර පංතිය

1. කේ. පී. ජී. නිපුන් පබසර (ජිනරාජ විදුහල), 2. කේ. ඒ. තරිඳු සුදර්ශන (අනුරුද්ධ විදුහල)

කි. ග්‍රෑ. 40 ට අඩු බර පංතිය

1. ඩී. එම්. ෙච්තන ප්‍රභාශ්වර (ජිනරාජ විදුහල), 2. එස්‌. එච්. දුමිඳු සංජය (උලපනේ මහ විදුහල),

කි. ග්‍රෑ. 45 ට අඩු බර පංතිය

1. ප්‍රියංකර ප්‍රේමරත්න (ජිනරාජ විදුහල), 2. ශේන් ග්‍රේ (වික්‍රමබාහු ජාතික පාසල),

කි. ග්‍රෑ. 50 ට අඩු බර පංතිය

1. සජිත් ප්‍රභාත් පුෂ්පකුමාර (ජිනරාජ විදුහල), 2. එස්‌. මහේෂ්වර සුරවීර (ජිනරාජ විදුහල),

කි. ගෑ 55 ට අඩු බර පංතිය

1. ඉසුරු සම්පත් (අනුරුද්ධ විදුහල), 2. ඉඳුනිල් ප්‍රසන්න රණවීර (අනුරුද්ධ විදුහල)

කි. ග්‍රෑ. 60 ට අඩු බර පංතිය

1. මොහාන් මධුසංක (වික්‍රමබාහු විදුහල), 2. ඒ. යූ. එන්. මැනුවලගේ (ශාන්ත පීතර විදුහල)

කි. ග්‍රෑ. 66 ට අඩු බර පංතිය

1. මහේෂ් ඒකනායක (වැවතැන්න විදුහල), 2. සම්පත් පෙරේරා (ආනන්ද විදුහල),

කි. ග්‍රෑ. 66 ට වැඩි බර පංතිය

1. අයි. එන්. ඒ. ඩී. උඩගෙදර (වික්‍රමබාහු විදුහල), 2. ටී. පී. කේ. බෝපිටිය (වික්‍රමනායක විදුහල)

විවෘත

1. අයි. එන්. ඒ. බී. උඩගෙදර (වික්‍රමබාහු විදුහල), 2. ටී. ජී. රොෂාන් මධුසංක (වික්‍රමබාහු විදුහල)

බාලිකා තරග ප්‍රතිඵල

කි. ග්‍රෑ. 27 ට අඩු බර පංතිය

1. එම්. ජී. මනුජා ලක්‌ෂානි (ගම්පොල ජිනරාජ බාලිකා විද්‍යාලය), 2. එච්. එච්. මෙලනි මධුවන්ති (ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විදුහල)

කි. ග්‍රෑ. 32 ට අඩු බර පංතිය

1. යූ. එල්. පියුමි නතාශා (ගම්පොල ජිනරාජ බා. වි.), 2. පී. ඒ. භාග්‍යා මධුෂානි (මැදිරිගිරිය විදුහල)

කි. ග්‍රෑ. 36 ට අඩු බර පංතිය

1. අයි. කේ. ඩී. යූ. ඉඩම්පිටිය (මාවනැල්ල රිවිසල විද්‍යාලය), 2. ඩබ්ලිව්. කේ. අමාලි සාරංගි (ගොව්හිල්)

කි. ග්‍රෑ. 40 ට අඩු බර පංතිය

1. එස්‌. එම්. ජී, පී. කේ. නවරත්න (මාවනැල්ල රිවිසඳ විදුහල), 2. එච්. එස්‌. රශ්මි ශානිකා හතුරුසිංහ (ජිනරාජ බා. වි.)

කි. ග්‍රෑ. 44 ට අඩු බර පංතිය

1. ඒ. එම්. එන්. ජී. පී. කේ. නත්තරන්පොත (හසලක ආර්. ප්‍රේමදාස ජා. පා), 2. ඡේ. පවිත්‍රා නිර්මාණි (අඹගස්‌දෝව විදුහල),

කි. ග්‍රෑ. 48 ට අඩු බර පංතිය

1. පී. සී. එම්. වික්‍රමගේ (ගම්පොල ජිනරාජ බාලිකා විදුහල), 2. මධුශානි දිනුශිකා (ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල),

කි. ග්‍රෑ. 52 ට අඩු බර පංතිය

1. මල්ලිකා කුමාරි (හසලක ආර්. ප්‍රේමදාස ජාතික පාසල, 2. කැමීලියා ජී, සී. තෝමස්‌ (ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය)

කි. ග්‍රෑ. 57 ට අඩු බර පංතිය

1. කේ. එල්. එම්. පී. කේ. ලියනගේ (මාවනැල්ල රිවිසඳු විදුහල), 2. චාන්දනී නිලන්ති (ගම්පොල ජිනරාජ බාලිකා විදුහල),

කි. ග්‍රෑ. 57 ට අඩු බර පංතිය

1. සචිනි කෞශල්‍යා (මහරගම මධ්‍ය මහා විදුහල), 2. ලැටීෂියා දිල්රුක්‌ෂි (ගම්පොල ජිනරාජ බාලිකා විදුහල)

විවෘත

1. සචිනි කෞශල්‍යා (මහරගම මධ්‍ය මහ විදුහල), 2. ටී. සී. එච්. වික්‍රමගේ (ගම්පොල ජිනරාජ බාලිකා විදුහල)



2012 වර්ෂයේ ඇරොබික්ස් ජිමිනාස්ටික් තරගාවලියේ ලෝකඩ පදක්කම ර/රත්/මිහිදු  විදුහල් කණ්ඩායම දිනා ගන්නා ලදී.නිජාර් මොහොමඩි මහතා  විසින් පුහුණුකල කණ්ඩායම