සමස්ත ලංකා පුවත්

සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා හෙට සිට
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 5128 ක් බෙලිඅත්තේ කඳවුරු බඳිති
2012 ඔක්තෝබර් මස 08 10:58:59 | නාමල් පතිරගේ
කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5128 දෙනකු තරග වදින 28 වැනි සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල හෙට (9) බෙලිඅත්ත ඞී.ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගංනයේ දී ආරම්භ වේ. කී‍්‍රඩා උලෙළ ලබන සෙනසුරාදා (13) දක්වා එහි දී පැවැත්වේ.
වයස 15න් පහළ, 17න් පහළ, 19න් පහළ හා 21න් පහළ බාලක හා බාලිකා  මලල කී‍්‍රඩා ඉසව් 437ක් එම දිනවල දී පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශය වසරේ මෙහෙයවන ප‍්‍රධානතම පාසල් කී‍්‍රඩා උළෙල සඳහා මෙවරත් රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් වැය කෙරෙන බවත් ඒ සඳහා පෞද්ගලික අනුග‍්‍රාහකයන් සොයා ගැනීමට අධ්‍යාපනන අමාත්‍යාංශය දැරූ උත්සාහය  අසාර්ථක වුවත් ”තරුණ්‍යයට හෙටක්” සංවිධානය මෙවර කී‍්‍රඩා උළෙලට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව ඉසුරුපායේ දී පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
”තාරුණ්‍යයට හෙටක්” සංවිධානය ඒ සඳහා සහයෝගය දක්වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරාධනාවෙන් බවත් ”ලංකාදීප”ය කළ විමසුමක දී ඇමැතිවරයා පැවසීය.
1984 සිට ආරම්භ වූ ජාතික පාසල් කී‍්‍රඩා උළෙල වසර 2007 සිට සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල යනුවෙන් පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය  තීරණය කළේය.
කී‍්‍රඩා උළෙල සඳහා බෙලිඅත්තට ළඟාවන කී‍්‍රඩක  කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් සඳහා නගරය හා අවට පාසල් නවයක් වෙන් කර ඇතැයි මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (කී‍්‍රඩා හා ශරීරික කි‍්‍රයාකරකම්) රෝහණ කරුණාරත්න මහතා පැවසීය.
සමාරම්භක උත්සවය හෙට පෙරවරු 8.30ට කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ හා තරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ.
සමාප්ති උත්සවය ලබන සෙනසුරාදා (13) පස්වරු 3 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙවර කී‍්‍රඩා උළෙලට සහභාගි වන  සිසු සිසුවියන් වෙනුවෙන් අදාළ දිනවල හම්බන්තොට ප‍්‍රදේශයේ විනෝද චාරිකා සංවිධානය කර තිබේ. වයස 17න් පහළ හා 19න් පහළ වොලිබෝල් හා දැල්පන්දු බාලක හා බාලිකා ඉසව් ගෘහස්ථ කී‍්‍රඩාංගණවල මේ වසරේ සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙවර කී‍්‍රඩා උළෙලට සබරගමුවෙන් වැඩිම කී‍්‍රඩකයෝ පිරිසක්ද (330), ඌව පළාතෙන් වැඩිම කී‍්‍රඩිකාවෝ පිරිසක් (289) සහභාගි වෙති. වැඩිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් මෙවරත් කී‍්‍රඩා උළෙලට සහභාගි වන්නේ බස්නාහිරෙනි. එය ගණනින් 612කි. දෙවනුව ඌව පළාතෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 601ක් කී‍්‍රඩා උළෙලට සහභාගි වෙති.
කී‍්‍රඩා ඉසව් 25 ක් මෙවර කී‍්‍රඩා උළෙලට ඇතුළත්වූ අතර බස්නාහිර පළාත්  පාසල් 302 කින් මෙවර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඒ සඳහා ඉදිරිපත් කර තිබේ. දකුණු පළාතෙන් දෙවනුව වැඩිම පාසල් ගණනක් තරගාවලියට සහභාගි වන අතර එය ගණනින් 293කි. උතුරු පළාතෙන් මෙවර කී‍්‍රඩා උළෙලට පාසල් 143ක  සහභාගිත්වයක් සනාථ කළේය.

 

 





සීවලී ක්‍රීඩකයෝ වසර 6කට පසු එල්.වී.ජයවීර ‍බොක්සිං කිරුළ දිනති

2012/05/12

පාසල් බොක්සිං පිටියේ විශිෂ්ටතම බොක්සිං තරගාවලියක් වන එල්.වී.ජයවීර අනුස්මරණ බොක්සිං තරගාවලි‍යේ ශූරතාව වසර 6කට පසුව අත්කර ගැනීමට රත්නපුර සීවලී විදුහල සමත්විය.
90 දශකයේ මෙරට පාසල් බොක්සිං පිටියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටි සීවලී විදුහල් පිල අවසන් වරට මේ ශූරතාව දිනාගනු ලැබුවේ 2006 වසරේ දීය. පසුගිය වසරේ තරගාවලියේ දී ඔවූහූ අනුශූරයන් බවට පත්වූහ.
සමස්ත තරගාවලියේ රන් පදක්කම් 3ක්, රිදී 1ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සීවලී ක්‍රීඩකයෝ සමත් වූහ. බර පන්ති 16ක් යට‍තේ පාසල් 45ක ක්‍රීඩකයන් 200කට අධික සංඛ්‍යවක් තරග වැදුණු මේ තරගාවලියේ අනුශූරයන් වූයේ පාණදුර ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමය.
මේ තරගාවලියට ‍නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් ක්‍රීඩකයෝ පස්දෙනෙකු සහභාගි වූ අතර ඉන් සිවුදෙනෙකුම අවසන් තරග සඳහා සුදුසුකම් ලැබීමට සමත්වූහ. එය මැත කාලයේ දී ජාතික මට්ටමේ බොක්සිං තරගාවලියක කොළඹ පාසලක් ලැබූ ඉහළම ජයග්‍රහණය වීම විශේෂ සිදුවීමකි.
තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස සීවලි විදුහලේ එස්.එල්.දයානන්ද සම්මාන දිනූ අතර උඩතලවින්න ජමීල් අස්වර් මුස්ලිම් විදුහලේ එම්.එච්.එම්.හම්සා හොඳම පරාජිත ක්‍රීඩකයා විය. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 41වැනි එල්.වී.ජයවීර අනුස්මරණ බොක්සිං තරගාවලිය පසුගියදා හොරණ මේධාංකර විද්‍යාලයිය ශාලාවේ දී පැවැත්විණි.
තරග ප්‍රථිපල
(අවුරුදු 13-15 වයස් කාණ්ඩය)කි.‍ග්‍රෑ.33-35-එම්.පෙසාල් (කෙන්ගල්ල ම.වි.), කි.‍ග්‍රෑ.35-37-එම්.එම්.බණ්ඩාර (ඇලහැර ම.වී.), කි.ග්‍රෑ.37-39-ආර්.එස්.එම්.ඩී.සිල්වා (ශ්‍රී සුමංගල), කි.ග්‍රෑ.39-41-එම්.අයි.බණ්ඩාරවත්ත (ගම්පහ බණ්ඩාරනායක), කි.ග්‍රෑ.41-43- කේ.ඒ.එල්.කුමාර (පිලිමතලාව ම.ම.වි.), කි.ග්‍රෑ.43-45-ජී.පී.ලියන‍ගම (ඉංගිරිය ගාමිණී ම.ම.වි.), (අවුරුදු 15-17 වයස් කාණ්ඩය)කි.ග්‍රෑ.44-46-එච්.එස්.සී.බුලත්ගම (සීවලී), කි.ග්‍රෑ. 46-48-ඩබ්.එච්.එල්.අතාවුද (මහනුවර සිල්වෙස්තර), කි.ග්‍රෑ.48-50-ඒ.සී.හේරත් (මයුරපාද), කි.ග්‍රෑ.50-52-එම්.පී.අනුරුද්ධ (පේරාදෙණිය කනිෂ්ඨ), කි.ග්‍රෑ.52-54-එම්.ඒ.පතිරණ ආරච්චි (සා.ජෝන් නුගේගොඩ), (අවුරුදු 17-19 වයස් කාණ්ඩය)කි.ග්‍රෑ.46-49-ජී.ජී.අබේවික්‍රම (මහනුවර සිල්වෙස්තර), කි.ග්‍රෑ.49-52-එස්.එල්.දයානන්ද (සීවලී), කි.ග්‍රෑ.52-56-කේ.එස්.පී.සිල්වා (ගම්පහ බණ්ඩාරනායක), කි.ග්‍රෑ.56-60-කේ.එල්.සී.රසාංග (වෙන්නප්පුව ජෝශප් වාස්), කි.ග්‍රෑ.60-64-ජී.ටී.සී.ගුරුගේ (රත්නපුර ඇලෝෂියස්)

 

ශ්‍රී ලංකා පාසල් 2011 ක්‍රීඩා වර්ණ ප්‍රදානයහේෂාන් , අචිනි, මැතිව්, සුපේෂලා
දක්‍ෂතම සහ නැඟීඑන ක්‍රීඩක සම්මාන දිනති



අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාවේ මෙහෙයවීමෙන් පෙරේදා (24 දා) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2011 ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානයේදී මහනුවර ත්‍රිත්ව විදුහලේ හේෂාන් උනම්බුව (පිහිනුම්) දක්‍ෂතම ක්‍රීඩකයා ලෙසත් කොළඹ විශාඛා විදුහලේ අචිනි රත්නසිරි (බැඩ්මින්ටන්) දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.

2011 වසරේ පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් උපරිම දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 444 දෙනකු අතරින් හේෂාන් සහ අචිනි අදාළ සම්මාන දිනා ගත්හ.

නෙස්‌ලේ ලංකා සමාගමෙන් මයිලෝ අනුග්‍රහයෙන් 19 වැනි වරටත් පැවැති මෙම වර්ණ ප්‍රදානයේදී ආසියානු ජාත්‍යන්තර පාසලේ මැතිව් අබේසිංහ (පිහිනුම්) සහ කොළඹ මියුසියස්‌ විදුහලේ සුපේෂලා තිලකවර්ධන (චෙස්‌) නැගීඑන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබූහ. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන සහ නෙස්‌ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඇලොයිස්‌ හොµaබවර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ වර්ණ ප්‍රදානයේදී සුවිශේෂ සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රධාන ආරාධිතයන් සමඟ ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත
 

 

 

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 444ක්‌
25දා ශ්‍රී ලංකා පාසල් වර්ණ ලබති

දක්‍ෂතම ක්‍රීඩක/ක්‍රීඩිකා සම්මාන සඳහා නව දෙනෙක්‌ නිර්දේශිතයි

නෙස්‌ලේ ලංකා සමාගමේ සහකාර උප සභාපති(බෙවර්ජස්‌) නෝමන් කන්නන්ගර මහතා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවය වෙනුවෙන් අනුග්‍රහකත්වය පිරිනැමූ අවස්‌ථාව.

ඡායාරූපයේ වමේ සිට - සජීව වික්‍රමසිංහ (කළමනාකාර බාහිර ක්‍රියාකාරකම් සහ අනුග්‍රාහක කටයුතු-නෙස්‌ලේ), බන්දුල එගොඩගේ(සහකාර උප සභාපති), නෝමන් කන්නන්ගර(සහකාර උප සභාපති(බෙවර්ජස්‌ - නෙස්‌ලේ), රෝහණ කරුණාරත්න(සභාපති ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව), සහ උපාලි අමරතුංග(ලේකම් ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව) වෙති. ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත

සුසිල් ප්‍රේමලාල්

මෙරට පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ (2011) සුවිශේෂ දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 444 දෙනෙකු මෙම 25 දා ප.ව. 2.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී "ශ්‍රී ලංකා පාසල් වර්ණ සඳහා යෝජනා වී ඇත.

නෙස්‌ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් 19 වරටත් අඛණ්‌ඩව ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවයේදී පාසල් ක්‍රීඩා 25 ක්‌ වෙනුවෙන් අදාළ වර්ණ පිරිනැමෙන අතර ඉන් වැඩිම පිරිසක්‌ බස්‌නාහිර පළාත නියෝජනය කරමින් (ක්‍රීඩක ක්‍රීඩිකාවන් 260 ක්‌) වර්ණ දිනා ගැනීම සුවිශේෂී වෙයි.

වොලිබෝල්(12), පිහිනුම්(62), මල ක්‍රීඩා(16), එරොබික්‌ස්‌ ජිම්නාස්‌ටික්‌(04), බැඩ්මින්ටන්(19), ජිම්නාස්‌ටික්‌(10), හොකී(27), වුෂු(04), කඳු තරණය(12), ටයිකොන්ඩෝ(04), ජීවිතාරක්‍ෂක(02), ත්‍රොa බෝල්(04), ජූඩෝ(20), මල්ලව පොර(08), ක්‍රිකට්‌(24), පාපැදි(04), පාපන්දු(18), සවි එසවීම/බර එසවීම(19), බොක්‌සිං(15), කැරම්(11), චෙස්‌(05), ඔරු පැදීම(14), එල්ලේ(12), රග්බි පාපන්දු(31), සැහැල්ලු පන්දු ක්‍රිකට්‌(08), මේස පන්දු(13), ටෙනිස්‌(07), එල්ලේ(12), පැසිපන්දු(12), කබඩි(09), කරාතේ(23), දැල්පන්දු(11) සහ ස්‌කොෂ්(06) යන ක්‍රීඩාවලින් දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 444 දෙනෙකු 2011 වසර වෙනුවෙන් වර්ණ ලබති.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත 2011 පාසල් වර්ණ ප්‍රදානයේ විශේෂ අමුත්තා ලෙස නෙස්‌ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඇලෝසියස්‌ හොµaබවර් මහතා සහභාගිවීමට නියමිතය.

යෝජිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්

අදාළ පාසල් සංගම්වල යෝජනා අනුව පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ කුසලතා සඳහා නිර්දේශ කොට ඇත.

නැගී එන ක්‍රීඩකයා - 1. නුවන් නිර්මාල් ජයසුන්දර(මේස පන්දු-මලියදේව විදුහල-කුරුණෑගල), 2. කේ. ඩී. එස්‌. වී. රන්දෙණිය(මලල ක්‍රීඩා-රණබිම රාජකීය විදුහල, පේරාදෙණිය), 3. උෂාන් ලෙවන්ගේ සමරකෝන්(චෙස්‌-රාජකීය විද්‍යාලය, කොළඹ), 4. මැතිව් අබේසිංහ(පිහිනුම් - ආසියානු ජාත්‍යන්තර පාසල)

නැගී එන ක්‍රීඩිකාව - 1. රුවන් සංකල්පනා කන්නන්ගර(මේසපන්දු-මියුසියස්‌ විද්‍යාලය, කොළඹ), 2. අපේක්‍ෂා මාරලන්ද(මලල ක්‍රීඩා-මයාමායා බාලිකා විද්‍යාලය, මහනුවර), 3. සුපේෂලා තිලකවර්ධන(චෙස්‌-මියුසියස්‌ විද්‍යාලය, කොළඹ), 4. විනෝලි ශානිකා සිරිවර්ධන(පිහිනුම් - මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර)

දක්‍ෂතම ක්‍රීඩකයා - චමිර ගිනිගේ(මේස පන්දු) - ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), 2. කේසර ඒකනායක(වොලිබෝල් - මාදම්පේ සේනානායක විද්‍යාලය), සී. පී. වීරසිංහ(මලල ක්‍රීඩා-විජිත මධ්‍ය මහා විද්‍යාලය, දික්‌වැල්ල), ඩබ්. ඩබ්. සී. පෙරේරා(චෙස්‌ - ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), 5. හේෂාන් උනන්ම්බූව(පිහිනුම් - ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)

දක්‍ෂතම ක්‍රීඩිකාව - නුවනි නවෝද්‍යා(මේස පන්දු-ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), 2. නදීරා ජයසේකර(පිහිනුම් - විසාකා විද්‍යාලය, කොළඹ), පී. එම්. එස්‌. කේ. රත්නායක(මලල ක්‍රීඩා - ශා. ජෝශප් බාලිකා විද්‍යාලය, කෑගල්ල), 4. ඩබ්. ඩබ්. ඩී. සචිනි කෞෂල්‍යා(ජූඩෝ - මහරගම මධ්‍ය මහා විද්‍යාලය)

 

 

පාසල් මලල ක්‍රීඩා ශූරතාව බස්නාහිරට

නව තරග වාර්තා 13ක්
බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාව ලකුණු 874 ක් ලබා ගනිමින් බස්නාහිර පළාතට හිමිවූ අතර අනුශූරතාව ලකුණු 612 ක් ලබාගත් මධ්‍යම පළාතටද ලකුණු 577 ක් ලබාගත් සබරගමුව පළාතට තෙවන ස්ථානයද හිමි විය. දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.43 ක් වාර්තා කල වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ ඒ. ඩී. ඒ. ප්‍රනාන්දු තරගාවලියේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා ලෙසද පැණීමේ ඉසව් වල දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසද සම්මාන ලද අතර කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ පබසරා සේනානායක තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
සමස්ත බාලක ශූරතාව ලකුණු 117 බැගින් ලබාගත් වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලත් මීගමුව මාරිස්ටෙලා විදුහලත් සම ශූරයන් වූ අතර සමස්ත බාලිකා ශූරතාව සඳහා ලකුණු 167 බැගින් ලබාගත් කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවන් හා වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හිමිකම් කීහ. ලකුණු 90 ක් ලබා ගනිමින් වලල ඒ. රත්නායක විදුහල බාලක සූරතාව තෙවන තැනටත් ලකුණු 161 ලබා ගනිමින් රත්නපුර සුමන බාලිකාව තෙවන ස්ථානයටත් හිමිකම් කීහ.
ජවන සහ පිටිය තරග ඉසව් 124 ක් පැවැත්වූ අතර දින පහ තුළ තරග වාර්තා දහතුනක්ම බිඳ දැමීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
නව තරග වාර්තා මෙසේය.
1. මීටර 5000 21 පහළ බාලිකා - එච්. එම්. මිලීනා කුමාරි සෙනෙවිරත්න (ශ්‍රී රාහුල ජාතික පාසල කටුගස්තොට) විනාඩි 18 තත් 16.21
2. රිටි පැනීම 17 පහළ බාලිකා - හර්ෂණී සමුද්‍රා කුමාරි ධර්මරත්න (මලල ඒ රත්නායක ම.වි.) මීටර 3ට
3. මීටර 5000 19 පහළ බාලක - ඩබ්ලිව්. එම්. එම්. තරිඳු මධුෂාන් (ලුණුවත්ත ම.වි. වැලිමඩ) විනාඩි 15 තත් 27.1
4. මීටර 400 කඩුළු 19 පහල බාලක - ජේ. ලහිරු ප්‍රසන්ජිත් (තක්ෂිලා ම.වි. හොරණ) තත් 53.56
5. යගුලිය දැමීම 19 පහල බාලක - ඩී. සංජුන සුමනවීර (රෝයල් ජා. පාසල කොළඹ) මීටර් 14.86
6. රිටි පැනීම 19 පහල බාලිකා - අරින්ද්‍රවන් පවිත්‍රා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.01
7. මිටර් 100 x4 සහාය 17 පහල බාලක - කොළඹ නාලන්දා විද්‍යාලය තත් 43.78
8. රිටි පැනීම 21 පහල බාලිකා - ශන්මුගරාජා තනුජා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.11
9. මීටර් 400 කඩුළු 17 පහල බාලිකා - එම්. කුමාරි වීරසිංහ (වලල ඒ රත්නායක ම.වි.) තත්67.6
10. කවපෙත්ත විසි කිරීම 19 පහල බාලිකා - අමන්ති සිල්වා (සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය) මීටර් 39.46
11. රිටි පැනීම 19 පහල බාලක - එම්. එච්. ඉෂාර සඳරුවන් (වලල ඒ රත්නායක ම.වි.) මීටර 4.31
12. මීටර 100 21 පහල බාලිකා - එස්. ආර්. ජේ. පී. සේනානායක (සාන්ත ජෝසප් බාලිකා කෑගල්ල) තත්පර 12.30
13. මීටර 100x4 සහාය 15 පහල බාලිකා - සාන්ත ජෝසප් බාලිකා විදුහල කෑගල්ල විනාඩි 4 තත් 12.1
14‍.කිලෝමීටර 21.098 ක දුරකින් යුත් අර්ධ මැරතන් තරගයේ බාලක ශූරතාව පැය 01 විනාඩි 13 යි තත් 53 කින් තරගය නිම කල වැලිමඩ ලුණුවත්ත ම. විදුහලේ ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. තරිඳු මධුෂාන් ට හිමි විය. පැය 01 යි විනාඩි 27 තත්පර 55 කින් තරගය නිමා කරමින් පොල්පිතිගම ජාතික පාසලේ ඩී. එම්. මහේෂිකා මධුෂානි බාලිකා ශූරතාව හිමිකර ගත්තාය.

 

 

 

28 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ

යාපනයේ අරුණෝනන්ද විදුහලේ පවිත්‍රාගෙන් රිටි පැනීමේ නව වාර්තාවක්
යාපනය අරුණෝනන්ද විද්‍යාලයේ ඒ.පවිත්‍රා ක්‍රීඩිකාව සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ රිටි පැනීමේ නව තරග වාර්තාවක් බිහි කිරීමට ඊයේ සමත් වූවාය.
වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ පවිත්‍රා මේ නව වාර්තාව පිහිටු වූයේ ඇය විසින්ම තබා තිබූ වාර්තාව මකා දමමින් මීටර 3.01ක උසක් සටහන් කරමිණි.
ක්‍රීඩා උලෙළේ තෙවැනි දිනය වූ ‍ඊයේ වයස අවුරුදු 19න් පහළ බාලක මීටර 400 කඩුලු පැනීම හා යගුලිය දැමීම ඉසව්වලද, අවුරුදු 17න් පහළ බාලක මීටර 100 x 4 සහාය දිවීම හා බාලිකා මීටර 400 කඩුලු පැනීම ඉසව්වලද නව තරග වාර්තා බිහිවිණි.
අවුරුදු 19න් පහළ මීටර් 400 කඩුලු පැනීමේ නව වාර්තාව ලහිරු ප්‍රසන්නජිත් පිහිටවූ අතර යගුලිය දැමීම ඉසව්වේදී සංජුන සමරවීර නව වාර්තාව පිහිටුවිය. අවුරුදු 17න් පහළ බාලිකා නව වාර්තාව මනිෂා කුමාරි වීරසිංහ පිහිටුවූවාය. මීටර100x4 සහාය දිවීමේ නව තරග වාර්තාව නාලන්දා විදුහල් කණ්ඩායම විසින් පිහිටුවනු ලැබිණි.
තුන්වැනි දිනයේදීද වර්ණ පරිසාධන මට්ටම ඉක්මවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකට හැකිවිණි.
2012-10-12 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.9900 , විකුණුම් මිල රු.130.1600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.1900 , විකුණුම් මිල රු.209.2400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.4400 , විකුණුම් මිල රු.169.0300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.8600 , විකුණුම් මිල රු.140.1400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.129.0300 , විකුණුම් මිල රු.133.8100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.129.5900 , විකුණුම් මිල රු.134.6900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.3900 , විකුණුම් මිල රු.107.0500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6200 , විකුණුම් මිල රු.1.6697 |
සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා හෙට සිට
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 5128 ක් බෙලිඅත්තේ කඳවුරු බඳිති
2012 ඔක්තෝබර් මස 08 10:58:59 | නාමල් පතිරගේ


කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5128 දෙනකු තරග වදින 28 වැනි සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල හෙට (9) බෙලිඅත්ත ඞී.ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගංනයේ දී ආරම්භ වේ. කී‍්‍රඩා උලෙළ ලබන සෙනසුරාදා (13) දක්වා එහි දී පැවැත්වේ.

වයස 15න් පහළ, 17න් පහළ, 19න් පහළ හා 21න් පහළ බාලක හා බාලිකා  මලල කී‍්‍රඩා ඉසව් 437ක් එම දිනවල දී පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය වසරේ මෙහෙයවන ප‍්‍රධානතම පාසල් කී‍්‍රඩා උළෙල සඳහා මෙවරත් රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් වැය කෙරෙන බවත් ඒ සඳහා පෞද්ගලික අනුග‍්‍රාහකයන් සොයා ගැනීමට අධ්‍යාපනන අමාත්‍යාංශය දැරූ උත්සාහය  අසාර්ථක වුවත් ”තරුණ්‍යයට හෙටක්” සංවිධානය මෙවර කී‍්‍රඩා උළෙලට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව ඉසුරුපායේ දී පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

”තාරුණ්‍යයට හෙටක්” සංවිධානය ඒ සඳහා සහයෝගය දක්වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරාධනාවෙන් බවත් ”ලංකාදීප”ය කළ විමසුමක දී ඇමැතිවරයා පැවසීය.

1984 සිට ආරම්භ වූ ජාතික පාසල් කී‍්‍රඩා උළෙල වසර 2007 සිට සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල යනුවෙන් පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය  තීරණය කළේය.

කී‍්‍රඩා උළෙල සඳහා බෙලිඅත්තට ළඟාවන කී‍්‍රඩක  කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් සඳහා නගරය හා අවට පාසල් නවයක් වෙන් කර ඇතැයි මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (කී‍්‍රඩා හා ශරීරික කි‍්‍රයාකරකම්) රෝහණ කරුණාරත්න මහතා පැවසීය.
සමාරම්භක උත්සවය හෙට පෙරවරු 8.30ට කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ හා තරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ.
සමාප්ති උත්සවය ලබන සෙනසුරාදා (13) පස්වරු 3 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙවර කී‍්‍රඩා උළෙලට සහභාගි වන  සිසු සිසුවියන් වෙනුවෙන් අදාළ දිනවල හම්බන්තොට ප‍්‍රදේශයේ විනෝද චාරිකා සංවිධානය කර තිබේ. වයස 17න් පහළ හා 19න් පහළ වොලිබෝල් හා දැල්පන්දු බාලක හා බාලිකා ඉසව් ගෘහස්ථ කී‍්‍රඩාංගණවල මේ වසරේ සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙවර කී‍්‍රඩා උළෙලට සබරගමුවෙන් වැඩිම කී‍්‍රඩකයෝ පිරිසක්ද (330), ඌව පළාතෙන් වැඩිම කී‍්‍රඩිකාවෝ පිරිසක් (289) සහභාගි වෙති. වැඩිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් මෙවරත් කී‍්‍රඩා උළෙලට සහභාගි වන්නේ බස්නාහිරෙනි. එය ගණනින් 612කි. දෙවනුව ඌව පළාතෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 601ක් කී‍්‍රඩා උළෙලට සහභාගි වෙති.
කී‍්‍රඩා ඉසව් 25 ක් මෙවර කී‍්‍රඩා උළෙලට ඇතුළත්වූ අතර බස්නාහිර පළාත්  පාසල් 302 කින් මෙවර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඒ සඳහා ඉදිරිපත් කර තිබේ. දකුණු පළාතෙන් දෙවනුව වැඩිම පාසල් ගණනක් තරගාවලියට සහභාගි වන අතර එය ගණනින් 293කි. උතුරු පළාතෙන් මෙවර කී‍්‍රඩා උළෙලට පාසල් 143ක  සහභාගිත්වයක් සනාථ කළේය.


 

ජාතික පාසල් ක්‍රීඩා උළෙල කලකට පසුව කොළඹින් පිට

අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන ජාතික පාසල් ක්‍රීඩා උළෙල මෙවර කොළඹින් පිට පළාතක පැවැත්වීමට තීරණය කොට ඇත.
උත්කර්ෂවත් ලෙස වාර්ෂික පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙල වසර 15 කට අධික කාලයක් අඛණ්ඩවම කොළඹ දී පැවැත්වුණි. ක්‍රීඩාව පිට පළාත්වලට ගෙන යෑමේ සංකල්පය මත ජාතික පාසල් ක්‍රීඩා උළෙල කොළඹින් පිටත පැවැත්වීමට අවධානය යොමුවිය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු පළාත් කිහිපයක ඇති ක්‍රීඩාංගණ හා අනෙකුත් පහසුකම් පිළිබඳ පසුගිය සති කිහිපයේදී පුළුල් අධ්‍යයනයක නිරත වූ අතර එයින් වඩාත් යෝග්‍ය ස්ථානය බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්‍ෂ ක්‍රීඩාංගණය බව තහවුරු කරගෙන ඇත.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ජාතික පාසල් ක්‍රීඩා උළෙල බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අදාළ වාර්තාව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට අද භාරදීමට නියමිතය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 8000 කට අධික පිරිසක් සහභාගි වන ජාතික පාසල් ක්‍රීඩා උළෙලට අවශ්‍ය නේවාසික පහසුකම් හා ක්‍රීඩාංගණ පහසුකම් සියල්ල දකුණු පළාතෙන් සොයා ගන්නා ආකාරය එම වාර්තාවේ අඩංගු වේ.
එයට අමතරව ක්‍රීඩා උළෙලට යන දළ වැය ඇස්තමේන්තුවක් ද ඉදිරිපත් කෙරේ. මෙතෙක් කොළඹ දී පැවැත්වූ ජාතික පාසල් ක්‍රීඩා උළෙලට වඩා වැඩි මුදලක් දකුණු පළාතේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලට වැය වුවද ග්‍රාමීය පළාතක ක්‍රීඩාව කෙරෙහි ඇතිවන උනන්දුව වඩාත් ප්‍රතිඵලදායක බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ මතය වී ඇත.
80 දශකයේදී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ලෙස පැවැති මෙය පසුව ජාතික පාසල් ක්‍රීඩා උළෙල ලෙසින් නව මුහුණුවරක් ගත්තේය. කොළඹ දී හා පිට පළාතක වසරින් වසර තරගාවලිය සංවිධානය වීම සාම්ප්‍රදායක ක්‍රමය වුණි.
එහෙත් කොළඹින් පිට පළාතක ක්‍රීඩා උළෙල පැවැතෙද්දී “සින්තටික් ධාවන පථයක්” නොමැතිවීමෙන් නැගී එන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් ඇතිවන්නේ යැයි ගොඩනැඟුණු තර්කයක් මත පිට පළාතක ක්‍රීඩා උළෙල පැවැත්වීම නතර වී කොළඹට පමණක් සීමා විය.
ජාතික පාසල් ක්‍රීඩා උළෙල කොළඹට අමතරව බදුල්ල, මාතර, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදීම පැවැත්වුණි.



Junior Chess Stars shine in Romania

Published : 9:03 pm  May 9, 2012  |  844 views  |  One comment  |  Print This Post   
Two Sri Lankans Vonara Goonetlleke (under 7) and Tharushi Nicklesha (under 9) won two gold medals in the 8th World Schools Chess Championship which was held in Romania. Meanwhile there were two silver and our bronze medalists for the Sri Lankan squad.
Vonara, a student of Ferguson BMV, Ratnapura, won the under 7 age group category which was played over five minute's duration. She was place fifth in the world rankings after her win at this championship. Tharushi a student o St. Joseph’s Convent Kegalle, won the under 9 category in the same format.
Nelunika Methmini (Anula Vidyalaya, Nugegoda) won the silver medal while Manisha Guneratne (Sirimavo Bandaranayake BMV) took the bronze medal behind Methmini in the under 15 Girls event. In the under 17 event Irindu Basnayake and Nuwanth Dilekha was able to grab the silver and bronze medals respectively.
P.R.R. Nonis (Ave Maria Convent) BInudhi Senarathyapa (Visakha Vidyalaya) took bronze medals in the under 13 and 11 respectively.

Janashakthi Athletes' dazzle at National Meets
06-July-2010

Janashakthi sponsored athletes proved their mettle and emerged winners at both the recent 87th All -Island Schools’ Athletic Championships and the Junior National Athletics Championships.

Six of them came first in their respective events at the recent 87th All-Island Schools’ Athletic Championships where Ishara Dayananda (Ferguson Girls High School, Ratnapura) was adjudged Best Female Athlete having emerged winner in her 100m, 200m Hurdles Events. 

Pabasara Senanayake (St. Joseph’s Girls School, Kegalle) came 1st in three Under 18 Sprint Events while Nayomika Gimhani Jayatilleke (Sumana Balika Vidyalaya, Ratnapura) emerged 1st in the 100 Hurdles Event, the 400 Hurdles event and 2nd in the 400 Metres event.

Nimesha Siriwardena (Galenbidunuwewa Central College) was placed 1st in Under 16 High Jump and Chamika Jayamini (Sumana Balika Vidyalaya, Ratnapura) 1st in the Under 18, 800 meters & 1500 meters events, while Hiruni Weerasekera (Ferguson Girls High School, Ratnapura) emerged 1st and 2nd in the Under 20 Triple and Long Jump events.

Weeks prior to this, at the Junior National Athletics Championships, Sashipraba Jayasinghe won the 100m, 200m and 400 m and was adjudged Best Under 23 Female Athlete. Ishara Dayananda won the 100m, 200m and 100m Hurdles and the award for the Best Under 20 Female Athlete. Nayomika Gimhani won the 100m and 400m Hurdles and 3rd in the 400 meters events and went on to win the “Priyanthi Gunasekera” Trophy for the best Female Hurdler at the same event.

Hiruni Weerasekera came 01st in Under 20 Triple Jump and 02nd in Long Jump, Nimesha Siriwardena came 02nd in Under 16 High Jump while Chamika Jayamini came 01st in 3000m and 1500m Under 20 events. Pole Vaulter S. Thanusha of Arunodaya College, Jaffna is currently training in the UK as part of a special overseas programme.

Managing Director of JIC PLC, Prakash Schaffter said that the Company was delighted with the performance of these athletes. “As a corporate citizen we’re proud to sponsor Sri Lanka’s budding athletes and thus be instrumental in the country’s future success in athletics. They have all recorded outstanding and consistent performances during 2009 and 2010 and have remained unbeaten in their age group. I’m confident that they will reach greater heights in the years to come”.

Co-ordinator of the Janashakthi Athletic Sponsorship Project, Bertal Pinto-Jayawardena, General Manager – Finance & Planning, said, “This is yet another contribution from Janashakthi Insurance, towards nation building. It is our expectation that these athletes would bring pride to Sri Lanka on the international stage in the near future. They certainly have the potential and can do it”.

Janashakthi also has in employment three other outstanding National Athletes namely, Priyangika Madumanthi, T. Anusha and Amali Wijesinghe and takes pride in the fact that all of the Company employed Athletes and the 2009 sponsored Athletes have retained their places in the National Athletic Senior and Junior Pools with four of them namely, Madumanthi, Shashipraba, Nayomika and Nimesha having represented Sri Lanka at International level during 2009 & 2010.

Janashakthi is best known for its association with cricket, having sponsored several Sri Lankan test cricket series during the past few years also extended their support to several other sports at national level such as hockey, squash, sailing and golf thus reiterating its commitment to the long term development of sports in Sri Lanka. 
Caption for Photo
In the photograph are (First Row - Left to Right) Shashipraba Nirmani Jayasinghe, S. Thanusha, Hiruni Weerasekera, Chamika Jayamini, Nimesha Siriwardena and (Second Row - Left to Right) Ishara Sandeepani Dayananda, Nayomika Gimhani Jayatilleke, Medani Wickramanayake, Pabasara Senanayake.