අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රීඩා ඒකකය

අධ්‍යාපන අමාත්‍යංශයේ නව ක්‍රීඩා විෂයය භාර අධ්‍යක්ෂ වැඩ භාරගනියි

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ක්‍රීඩා විෂයය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස බී.ඒ. අබේරත්න මහතා අද දින වැඩ භාරගන්නා ලදි.

ඒ මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වන අතර දිවයිනේ ජාතික පාසල් කිහිපයක සැලකිය යුතු කාලයක් විදුහල්පති වශයෙන් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහුගේ වෘත්තීය ජීවිතයේදී පාසල් ක්‍රීඩා සංගම් බොහොමයක සභාපති වශයෙන් කටයුතුකර ඇති අතර විදුහල්පති වශයෙන් සේවය කරන කාලවලදී පාසල් ක්‍රීඩා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙයක් කරන ලද විදුහල්පතිවරයෙක් ද වේ.