අපේ ආසියානු ජයග්‍රහණ

 ආසියානු ග්‍රොන්ප්‍රී පළමු අදියර අද බැංකොක්‌හිදී ඇරඹේ
ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ අවිනිශ්චිතයි
- මලල ක්‍රීඩා සභාපති

සුසිල් ප්‍රේමලාල්

අදියර තුනකින් සමන්විත 2013 ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ පළමු අදියර අද (04 දා) තායිලන්තයේ බැංකොක්‌ නුවරදී ආරම්භ වේ.

තරග ඉසව් 20 කින් සමන්විත ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ පළමු අදියර නියෝජනය කිරීම සඳහා රටවල් 21 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 248 දෙනකු දැන් බැංකොක්‌ අගනුවරට ළගා වී සිටිති. බැංකොක්‌ වේලාවෙන් ප.ව. 2.00 සිට ප.ව. 5.15 දක්‌වා තරගාවලිය ක්‍රියාත්මක වේ. ශූරතාවේ දෙවැනි අදියර ලබන 8 වැනිදා තායිලන්තයේ චෝන්මුරිහිදී ද අවසන් අදියර ලබන 12 වැනිදා කොළඹදීද පැවැත්වීමට නියමිතය.

ලබන අගෝස්‌තු 10 සහ 18 වකවානුවේ රුසියාවේ මොස්‌කව් අගනුවරදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියට මෙතෙක්‌ සුදුසුකම් සපුරාගත නොහැකි වූ ආසියානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද අද ඇරඹෙන 2013 ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියේ අදියර තුන තීරණාත්මක අවස්‌ථාවක්‌ වන හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා උපරිම අයුරින් දැක ගැනීමට හැකිවෙතැයි අපේක්‍ෂිතය.

මෙවර ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන්ද උපරිම සහභාගීත්වයක්‌ වාර්තාවීම කැපී පෙනෙනු ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙනකුගෙන් සහ නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්‌ඩායම ආසියානු ග්‍රොන්ප්‍රී ශූරතාව නියෝජනය කරනු ඇත. ක්‍රීඩකයන් 12 දෙනෙක්‌ සහ ක්‍රීඩිකාවෝ 10 දෙනෙක්‌ අයත් වෙති.

ශ්‍රී ලංකාව ලබාගත හැකි ජයග්‍රාහී ස්‌ථාන සම්බන්ධව zදිවයිනZ කළ විමසුමකදී මෙවර එය අනුමාන කළ නොහැකි බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු පැවසීය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

එම්.එස්‌.එම්. සµaරාම් (මී.100), කේ.කේ.කේ. සෙනවිරත්න (මී.400), ඩී.එල්. සමරජීව (මී.3000 සහ මී. 5000), එරංග දිනේෂ් ප්‍රනාන්දු (තුන්පිම්ම), අයි.ජී.එස්‌.එස්‌. ජයසිංහ (තුන්පිම්ම),

ඩී.එම්.එම්. දිසානායක (උස පැනීම), සජිත් මධුරංග (හෙල්ල), වරුණ ලක්‍ෂාන් දයාරත්න (හෙල්ල)

මී. 100ං4 කණ්‌ඩායම (පිරිමි)

එම්.එස්‌.එම්. සµaරාම්, ෂෙහාන් අඹේපිටිය, ජී.ආර්.ඒ. හසරංග, පී.එස්‌.එස්‌. නදීෂාන්, ආර්.එම්.ජී. චාමර

කාන්තා කණ්‌ඩායම

ජානි චතුරංගි ද සිල්වා (මී.100), සුජානි බුද්ධිකා (මී.100), චන්ද්‍රිකා සුභාෂිනී (මී.400), ශානිකා සමන්මලී (මී.800), ප්‍රියංගිකා මධුවන්ති (උස පැනීම), නදීකා ලක්‌මාලි (හෙල්ල), දිල්හානි ලේකම්ගේ (හෙල්ල), ඩබ්ලිව්. ඒ. එල්. ඒ. නිමාලි (මී.800), එල්.ඩී.ඩී.ඊ. රත්නසිරි (දුර පැනීම), තරංගා විනෝදනී (උස පැනීම), ඩර්වින් පෙරේරා (කළමණාකරු), භද්‍රd ගුණවර්ධන මහත්මිය (පුහුණුකාරිණිය)




15 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදි විශේෂ කුසලතා දැක්වු ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුට උපහාර පිදීමේ උත්සවයක් ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම සංවිධානය කර ඇත.

දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස්, මෙරට දක්ෂාතා ඇති ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නගාසිටුවා ඔවුන්ව ජාතික හා ජාත්‍යන්තර මට්ට්ම දක්වා ගෙන ඒමට කැපවු සමාගමකි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනට ශිවන්ති කුමාරි රත්නායක, නිමේෂා සිරිවර්ධන, චාමිකා ජයමිණී, නයෝමිකා ගිමිහානි, පබසරා සේනානායක, මේධානී වික්‍රමනායක, ආර්. ක්‍රිතිහා, සහ මලින් උදය කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනා ඇතුලත්ව ඇත.

පසුගියදා නිමාවට පත්වු 15 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදි ශිවන්ති කුමාරි රත්නායක මීටර් 400 කාන්තා ධාවන තරගයේ රන් පදක්කම සහ මීටර් 400 ඞ 4 කාන්තා සහය දිවීමේ තරගයටද සහභාගීවී රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.

එම සහය දිවීමේ තරගයට සහභාගිවු නිමේෂා සිරිවර්ධනද රිදි පදක්කම හිමිකර ගත්තාය.

මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ධාවන තරගයෙන් චාමිකා ජයමිණිට ලෝකඩ පදක්කම හිමි විය.

මීටර් 400 කඬුඵ මතින් දිවීමේ කාන්තා තරගයෙන් නයෝමිකා ගිම්හානිට සිව්වන ස්ථානය හිමිවු අතර මීටර් 200 කාන්තා ධාවන තරගයේ 6 වන ස්ථානය පබසරා සේනානායකට හිමි විය, එමෙන්ම මීටර් 1500 කාන්තා ධාවන තරගයටද ඇය සහභාගි විය. 
මලින් උදය කුමාරට උසපැනීමේ ඉසව්වේ 6 වන ස්ථානය හිමි විය.

වයස අවුරුදු 16 වන මේධානී වික්‍රමනායක මීටර් 100 X 4 කාන්තා ධාවන තරගයට සහභාගි වු අතර ආර්. වයස අවුරුදු 15 වන ආර්. ක්‍රිතිහා උස පැනීමේ ඉසව්වට සහභාගි වෙමින් අනාගත බලාපොරොත්තු තැබිය හැකි දක්ෂතා පෙන්නුම් කළාය.

අඛණ්ඩව සිව්වන වසරටත් ක්‍රියාත්මක කෙරෙන ජනශක්ති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහක වැඩසටහනට මෙම ග්‍රාමීය තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරා ගන්නේ පාසල් මට්ටමින් ඔවුන් දක්වන දක්ෂ්තා මත වයස අවුරුදු 15-16 අතර කාලයේදීය.

සිය පෝෂණ තත්ත්වය වර්ධනය කරගැනීම සඳහා මාසික අනුග්‍රාහක දීමනාවකට අමතරව අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු වන යෝගානන්ද විජයසුන්දර මහතා යටතේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවද සපයයි.

ඊට අමතරව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන හා අනිකුත් අවශ්‍යතා පිළිබඳවද අඛණ්ඩ සොයා බැලීමක් මෙම අනුග්‍රාහක වැඩසටහනට අනුව සිදු කෙරෙයි.

ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලදී මෙන්ම ජාත්‍යතන්තර වේදිකාවල ශ්‍රී ලංකා ධජය ලෙලදිය හැකි ක්‍රීඩා හා අධ්‍යාපන යන දෙඅංශයෙන්ම සම දක්ෂතා දක්වන අංගසම්පූර්ණ පුරවැසියකු බිහි කිරීම මෙම අනුග්‍රාහය වැඩසටහන මගින් ජනශක්ති සමාගම අපේක්ෂා කරයි.

සිය බලාපොරොත්තු මල්පල ගන්වමින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වු දක්ෂරතාවලට උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධානය කළ අතර ඒ හරහා රට වෙනුවෙන් සිය උපරිම දක්ෂරතා දැක්වීමට මෙම දරුවන් ශක්තිමත් කෙරෙයි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම හැමවිටම මෙරට ක්‍රීඩාව නගා සිටුවීමට කැපවූ අතර ක්‍රිකට් ක්‍රිඩාව ඒ අතරින් කැපී පෙනෙයි.

පසුගිය වසර කිහිපය පුරා ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ගණනාවකටම ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම අනුග්‍රාහය සැපයීය. හොකී, ස්කොෂ්, ඔරු පැදීම හා රුවල් ඔරු පැදීමේ ක්‍රීඩාවල ජාතික මට්ටම් නංවාලීමටද ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම සහය ලබාදි ඇත. 




ජන ශක්තියෙන් ක්‍රීඩිකාවනට ශක්තිය




ස්පාඤ්ඤයේ පැවැති අයි.ඒ.ඒ.එෆ් ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙදෙනකුට ජනශක්ති රක්ෂණ සමාගම අනුග්‍රාහකත්වයය සැපැයීය. ගලෙන්බිඳුනුවැව මධ්‍ය විදුහලේ උස පැනීමේ ක්‍රීඩිකා නිමේෂා සිරිවර්ධන (17) හා බාධක මතින් දුවන රත්නපුර සුමන බාළිකා විදුහලේ චාමිකා ජයමිණි (19) ඒ අනුග්‍රහය ලැබුවෝය.



පහළොස්වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල-2012
සබරගමුව පළාත් ජයග්‍රහණ හා සහභාගිත්වය

කෑ/ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය‍

ශිවන්ති කුමාරි රත්නායක             මීටර් 400                      ප්‍රථම ස්ථානය            තත් 59.91

                                                   මීටර් 400 -4                   දෙවන ස්ථානය         වි3තත්46.8

පබසරා සේනානායක                  මීටර්  100                       සහභාගීත්වය

                                                   මීටර් 100 -4                    හයවන ස්ථානය        තත් 47.57

 

ර/සුමන බාලිකා විද්‍යාලය

 R.K.චාමිකා ජයමිණි      මීටර් 3000 බාධක දිවීම  තෙවන ස්ථානය                            විත10.තත්.55

 

 

රන් පදක්කම්ලාභී ශිවන්ති හරසරින් පිළිගැනීම අද කෑගල්ලේදී


සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමා වූ 15 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ශිවන්ති කුමාරි රත්නායක අද (13) උදෑසන පෙ. ව. 8.00ට වරකාපොල නගරයේදී හරසරින් පිළිගෙන ඇගේ විදුහල් මාතාව කරා රථ පෙරහරකින් කැඳවාගෙන යාමට කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ විදුහල්පතිතුමිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලය සහ සිසුන් කටයුතු සංවිධානය කර ඇත.
ගලිගමුව නගරය, රංවල මහා විද්‍යාලය යන ස්ථාන ඇතුළු තවත් ස්ථාන කීපයකදී ප්‍රදේශවාසීන් විසින් මහත් හරසරින් පිළිගැනෙන රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාව සමග ඇගේ දෙමාපියන් වන රඹුක්කන හිරිවඩුන්න පදිංචි විශ්‍රාමික ග්‍රාම නිළධාරී ආර්. එම්. ගුණරත්න බණ්ඩා මහතා සහ එම මහත්මියද මෙම ශිෂ්‍යාවගේ පුහුණුකාරිනිය වු කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ මලල ක්‍රීඩා අංශය භාර ගුරුතුමිය වන ඒ. ඩී. නන්දාවතී මෙනවියද එක් වීමට නියමිතය.
රථ පෙරහරින් කෑගල්ල නගරයට පැමිණ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලට පැමිණීමෙන් පසු පෙ. ව. 11.00ට පමණ පිළිගැනීමේ උත්සව සභාව ආරම්භ වීමට නියමිතය.
මෙම උත්සවයට සබරගමුව ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමැතිවරුන්ද කෑගල්ල මහ දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ශාන්ත ජෝෂප් බාලිකාවේ ආදි ශිෂ්‍ය සංගම් සුබ පතන්නෝද ඇතුළු නගරයේ තවත් මුල්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන ගණනාවක නියෝජිතයන්ද එක්වීමට නියමිතය.





15 වැනි ආසියානු                     කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 ප්‍රථම ස්‌ථානය දිනූ ශිවන්ති කුමාරි රත්නායක ඈ උපන් කෑගලු බිමේ සහ අකුරු කරන කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විදු මාතාවගේ උණුසුම් පිළිගැනීමට ලක්‌විය.

එසේ රනින් මව්බිම පිදූ ශිවන්ති කුමාරි රත්නායක ඊයේ (13) ආපසු කෑගලු පුරවරය බලා පැමිණි අවස්‌ථාවේ ඈ ඉතා උණුසුම් අන්දමින් පිළිගැනීමට සබරගමුව පළාත් මායිමේ සිට කෑගලු ජනතාව පෙළ ගැසී සිටි අතර ඈ පිළිගැනීම සඳහා අකුරු කළ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයීය ශාලාවේ උත්සවයක්‌ද සංවිධානය කර තිබිණ. මෙම අවස්‌ථාවට සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, කෑගල්ල නගරාධිපති ජී. කේ. සමරසිංහ, විදුහල්පතිනී මල්ලිකා රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් රැසක්‌ එක්‌ව සිටියහ.

මෙහිදී රන් පදක්‌කම්ලාභී ශිවන්ති කුමාරි රත්නායකට රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ සහ මෙම තරගයට ඉදිරිපත්ව මීටර 3000 බාධක දිවීමේ තරගයෙන් තෙවැනි ස්‌ථානයට පත් රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ චාමිකා ජයමිණීට මුදලින් රුපියල් ලක්‍ෂ දෙකක්‌ ලබාදීමට සබරගමුව පළාත් සභාව තීරණ්‍ය කර ඇති බව මහ ඇමැති මහීපාල හේරත් මහතා පැවැසීය.

එදිනට මෙම සබරගමුව ක්‍රීඩිකාවන් දෙදෙනාට අමතරව 15 වැනි ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා තරගයට ඉදිරිපත් වූ සබරගමුවේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද උපහාර පිදෙන බව සබරගමුව මහ ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උළෙලේදී පදක්කම් ලාභිනියන්ට ලක්‍ෂ ගණනින් තෑගි

Share පහළොස් වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 400 රන් පදක්කම දිනා ගත් ශිවන්ති කුමාරි රත්නායකට ත්‍යාගයක් වශයෙන් මුදලින් රුපියල් පන් ලක්‍ෂයක්ද, මීටර 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ සබරගමුව පළාතේ චාමිකා ජයමිණීට රුපියල් ලක්‍ෂ දෙකක්ද පිරිනැමීමට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා තීරණය කර ඇත.
කෑගල්ල රඹුක්කන ප‍්‍රදේශයේදී උපත ලැබු ශිවන්ති කුමාරි හිරිවඩුන්න විද්‍යාලය  සහ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා යන විද්‍යාල වලදී අධ්‍යාපනය ලබා ඇත.
චාමිකා ජයමිණී, රත්නපුර ගොඩකුඹුර මියනවිට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් කී‍්‍රඩා පිටියට පිවිසියාය.

  කණි ෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව 1994 දී රන් පදක්කම් 2 ක් හා රිදී පදක්කම් 2 ක් දිනා තබා තිබූ පදක්කම් හතරේ වාර්තාව මෙවර තරගාවලියේ දී දැනටමත් මකා දැමීමට සමත්වීම කැපී පෙණේ.

පදක්කම් සටහන අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ සිටින අතර රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 05 ක් හා ලෝකඩ පදක්කම් 01 ක් දිනූ චීනය තරගාවලියේ පෙරමුණේ සිටී. දෙවැනි තැනට පත්ව සිටින්නේ චීන තායිපේ රන් පදක්කම් 6 ක් රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගනිමිණි. තෙවැනි තැන කටාර් රාජ්‍යයට හිමි වූ අතර රන් පදක්කම් 4 ක් හා ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන තිබුණි.

සුපුන් විරාජ්
ශ්‍රී ලංකාව ඊයේ දිනයේ මුල්ම ලෝකඩ පදක්කම හිමිකර දුන්නේ මීටර් 110 කඩුලු පැනදිවීමේ ඉසව්වෙන් පේරාදෙණිය රණබිම විදුහලේ සුපුන් විරාජ් රන්දෙණියයි. ඔහු අවසන් මීටර් 50 ක් තිබියදී ක්‍රීඩකයන් දෙදෙනකු ඉතා සියුම් ලෙස පරයමින් ඉදිරියට ඇදී තත්පර 13.94 කින් නිමා කර ලෝකඩ පදක්කම දිනා ගත්තේය. මේ ඉසව්ව ඔහු නිමා කළේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව ප්‍රදර්ශනය කරමිනි.
මීටර් 110 කඩුලු පැන දිවීමේ තරගයේ රන් පදක්කම තායිලන්තයේ කොන්ග්ඩී ක්ලීටිපොන්ග් තත්පර 13.86 කින් නිම කර දිනාගත් අතර තායිපේ හී චෙන්ග් යුන් යින්ග් තත්පර 13.87 කින් රිදී පදක්කම දිනා ගත්තේය.
ශ්‍රී ලංකාවට අනෙක් ලෝකඩ පදක්කම හිමිකර දුන්නේ රත්නපුර සුමන බාලිකා විදුහලේ චාමිකා ජයමිණි විසිනි. ඇය මීටර් 3000 බාධක දිවිවේ තරගයේ දී විනාඩි 10:55.76 කින් මේ ජයග්‍රහණය ලැබුවාය. එම ඉසව්වේ රන් පදක්කම තායිපේ ක්‍රීඩිකා ලී ටින්ග් විනාඩි 10:44.94 කින් ද රිදී පදක්කම ජපානයේ සාටෝ මිසුකී විනාඩි 10:45.07 කින් දිනා ගත්තාය. ඊයේ දිනයේදී මේ තරගාවලියේ වැඩි ගෞරව චීනය හා කටාර් අතර බෙදීයෑමද කැපී පෙනුණි. චීන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තවත් රන් පදක්කම් 5 ක් එකතු කර ගනිද්දී කටාර් රාජ්‍යයට රන් පදක්කම් 3 ක් එක් විය.
රිටි පැනීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඒ පවිත්‍ර සිවුවැනි ස්ථානයට පත්වූවාය. යාපනයෙන් බිහි වූ කනිෂ්ඨ ක්‍රීඩිකාවක් වූ ඇය මීටර් 3.00 ක දුරක් පැන දක්ෂතා දක්වද්දී චීනයේ ෂී හුයුන් මීටර් 4.25 කින් රන් පදක්කම දිනා ගත්තාය. එම ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාවේ එස්. සී. දිල්රුක්ෂි මීටර් 3.00 ක දක්ෂතාවෙන් පස්වැනි විය.
දුර පැනීම කාන්තා ඉසව්වේදී සාරංගී සිල්වා මීටර් 5.81 කින් පස්වැනි ස්ථානයට පත් වූ අතර එහි රන් පදක්කම චීනයේ චෙන් මුඩාන් මීටර් 6.18 කින් සතුකර ගත්තාය.
මීටර් 110 කාන්තා කඩුලු පැනීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනා වූ කේෂානී පෙරේරා තත්පර 15.73 ක් හා ගිම්හානී ජයතිලක තත්පර 15.83 කින් 7 වැනි හා 8 වැනි ස්ථානවලට පත්වූහ. එහි රන් පදක්කම චීනයේ වෑන්ග් ඩෝ ක්‍රීඩිකාව තත්පර 13.80 කින් දිනා ගත්තාය.
උස පැනීම පිරිමි ඉසව්වට එක් වූ මිලාන් දිසානායක මීටර් 2.13 කින් 5 වැනි ස්ථානයට පත්වූ අතර එහි රන් පදක්කම කටාර්හී බර්ෂාම් මුඅමීර් මීටර් 2.16 කින් දිනා ගත්තේය. මීටර් 100 x 4සහය දිවීමේ කාන්තා පිරිමි තරග දෙකේදීම ශ්‍රී ලංකාවට පදක්කම් හිමි නොවුණි. අද තරගයේ අවසන් දිනයයි.

බාධක දිනා ජයගත්තේ දහසක් බාධක මැදයි - චාමිකා ජයමිණී

හොඳ වර්ගයේ සපත්තු දෙකක් නැති නිසා පාවහන් නැතිව මා තරගයට එක්වෙලා ශ්‍රී ලංකාවට පදක්කමක් දෙන්න ලැබීම භාග්‍යයක් බව මීටර් 3000 බාධක දිවීමේ ලෝකඩ පදක්කම දිනූ චාමිකා ජයමිනි ‘දිනමිණ’ට පැවැසුවාය.
ගොඩකුඹුර මියනවිට මහා විදුහලේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය පසුව රත්නපුර සුමන බාලිකා විදුහලට ඇතුළත්ව අපොස උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන්නීය. ඩී. ආර්. පාලිත මහතාගේ පුහුණුව යටතේ ක්‍රීඩා පිටියේ පෙරැළිකරන මේ යොවුන් ක්‍රීඩිකාව සුළු ව්‍යාපාරික කටයුත්තකින් පවුලක් නඩත්තු කරන ආර්. ඒ. ජිනදාස මහතාගේ එකම දියණියයි. මවගෙන් හා එකම සහෝදරයාගෙන් ලැබෙන දිරියට යුතුකමක් එක් කළ චාමිකා බාධක මැද බාධක දිවීමේ තරගය ජයගත් බව පවසයි.
“මා ගොඩක් ආර්ථික අපහසුතා මැද ගමෙන් ආපු ක්‍රීඩිකාවක්. මට මේක සිහිනයක් සැබෑ වීමක්. අපි වගේ ගම්වල අයට අතහිත දෙනවා නම් තව තවත් ජයග්‍රහණ ලබාගන්න පුළුවන්” දෑසට නැගුණු කඳුලු පිසලූ ඇය සඳහන් කළාය.

වසරින් වසර දක්ෂතා දියුණු කරගන්න කැපවුණා - සුපුන් විරාජ්

වසරින් වසර පියවරෙන් පියවර තම දක්ෂතා දියුණුකර ගත් බව මීටර් 110 කඩුලු පැනීමේ ලෝකඩ පදක්කම දිනූ සුපුන් විරාජ් රන්දෙනිය ‘දිනමිණ’ට පැවැසීය.
පේරාදෙණිය රණබිම විදුහලේ කලා අංශයෙන් උසස් පෙළ හදාරන සුපුන්ගේ පුහුණුකරු වන්නේ ලක්ෂ්මන් හපුආරච්චි මහතාය.
පෞද්ගලික අංශයක රියැදුරු රැකියාවක නිරත කඩවත ආරච්චිගේ දිනමිත්‍ර චන්ද්‍රපාල මහතා සුපුන්ගේ පියා වන අතර මව හා වැඩිමල් සොහොයුරා ඔහුගේ ගමන්මගට ශක්තිමත් අත්වැලකි.
පසුගිය යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී තත්පර 14.08කින් තරගය නිමකර තබා තිබූ පෞද්ගලික දක්ෂතාව ඔහු ඊයේ තත්පර 13.94ක් දක්වා වර්ධනය කර ගැනීම කැපීපෙනුණි.
“මට ලැබුණේ අටවැනි මංතීරුව. ඒකේ හොඳ තරගයක් දෙන්න අමාරුයි. මැද මංතීරුවක දුවන්න තිබුණා නම් මේක මගේම තරගය වෙනවා” සුපුන් පැවැසීය.
.