සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ
ශූරයා-රත්නපුර උදය කුමාර
ශූරිය-කෑගල්ලේ පබසරා
ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති සබරගමු පළාත් අන්තර්Êපාසල් ක්‍රීඩා උළෙලේ (ජුලි 13-16) දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් රත්නපුර කුමර විදුහලේ ඩබ්. කේ. එම්. උදය කුමාරද දක්ෂතම ක්රිඩිකාව වශයෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බා. විද්‍යාලයේ පබසරා ඒකනායකද සම්මාන දිනූහ. සමස්ත උළෙලේ ලකුණු 825 ක් ලබාගත් කෑගල්ල කළාපයටත්, අනුශූරතාව ලකුණු 615 ක් ලබාගත් රත්නපුර කළාපයටත් හිමිවිය. තරගාවලියේ නව වාර්තා 16 ක් බිහිවූ අතර වාර්තා සමකිරීම් දෙකක්ද වාර්තා විය.
තරග ප්‍රථිඵල
වොලිබෝල්(- බාලක - රාජසිංහ ම.ම. වි. රුවන්වැල්ල, බාලිකා - ධර්මපාල ම.වි. ඇහැළියගොඩ
කැරම්(- බාලක - ශාන්ත ඇලෝසියස්, රත්නපුර, බාලිකා - සුමන බාලිකා වි. රත්නපුර, ශාන්ත ජෝශප් බාලිකා කෑගල්ල.
දැල්පන්දු - ශා. ජෝශප් බා. කෑගල්ල.
පැසිපන්දු(- බාලක - කෑගලු විද්‍යාලය කෑගල්ල, බාලිකා - සුමන බාලිකා වි. රත්නපුර.
ත්‍රොa බෝල්(- බාලක - කෑගලු විද්‍යාලය, කෑගල්ල, බාලිකා - ශා. ජෝශප් බාලිකා වි. කෑගල්ල.
මේස පන්දු(- බාලක - කෑගලු විද්‍යාලය කෑගල්ල, ඩඩ්ලි සේනානායක ම.වි. කෑගල්ල, බාලිකා - සුමන බාලිකා වි. රත්නපුර.
එල්ලේ(- බාලක - කුලරත්න ම.ම.වි. ගොඩකවෙල, බාලිකා - වැල්කෙනියාය වි. ගොඩකවෙල.
කබඩි(- බාලක - ශා. මරියා වි. කෑගල්ල, බාලිකා - මයුරපාද ම.ම. වි. මාවනැල්ල.
කරාතේ(- බාලක - පින්නවල ම.ම.වි. පින්නවල, බාලිකා - ශා. ජෝශප් බාලිකා විදුහල කෑගල්ල.
ක්‍රිකට්(- බාලක - උඩගම ම.වි. පින්නවල, බාලිකා - සුමනබාලිකා වි. රත්නපුර.
චෙස්(- බාලක - ශා. මරියා වි. කෑගල්ල, බාලිකා - පර්ගසන් උසස් බා. වි. රත්නපුර, ශා. ජෝශප් බාලිකා කෑගල්ල.
බැඩ්මින්ටන්(- බාලක - කෑගලු විද්‍යාල, කෑගල්ල, බාලිකා - ශා. ජෝශප් බා.වි කෑගල්ල.
ජිම්නාස්ටික්(- බාලක - බාබුල් හසන් ම.වි. වරකාපොල, බාලිකා - කෑගල් විද්‍යාලය කෑගල්ල.
ශාරීරික අභ්‍යාස(- බාලක - පොහොරබාව ම.වි. පරකඩුව, බාලිකා ආනන්ද වි. හිදැල්ලන.
දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්
11 න් පහළ(- බාලක -එල්. එම්. විඡේවර්ධන, මුහන්දිරම් ක. වි. දෙහිඕවිට(දුර පැනීම මී. 4.04), බාලිකා - එච්. එම්. භාග්යනී ලක්මිණී බණ්ඩාර(රංවල මහානාග වි. දෙහිඕවිට - දුර පැනීම මී. 100 තත්. 150)
13 න් පහළ බාලක(- බිම්සර හේෂාන්(ජනාධිපති විදුහල, ඇඹිලිපිටිය - දුර පැනීම මි. 4.91) බාලිකා(- නෙත්මි සෙනාරා(ශා. ජෝශප් බා.වි.කෑගල්ල- මී. 100 තත්. 14)
15 න් පහළ බාලක(- කලිඳු බණ්ඩාර(ලයිසියම් ජාත්‍යන්තර පාසල, රත්නපුර - දුර පැනීම මී. 5.71), බාලිකා(- මනේෂා සඳුමිණී(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 100)
17 න් පහළ බාලක(- චමල් චතුරංග(සීවලී ම.ම.වි.රත්නපුර - මී. 100 තත්. 11.02), බාලිකා - නවාංජනා සමරසිංහ(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 200 තත් 26.00)
19 න් පහළ බාලක(- උදය කුමාර(කුමර වි. රත්නපුර - දුර පැනීම මී. 7.17), බාලිකා - ශිවන්ති කුමාරි(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 400 තත්. 58.03)
21න් පහළ බාලක(- ආර්. ඩී. බණ්ඩාර(ශා. මරියා ම.වි. කෑගල්ල(මී. 400, තත්. 50.04) බාලිකා - පබසරා සේනානායක(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 200 තත්. 25.2)
මාර්ග ධාවන(- බාලක - ඩබ්. ජී. ජිනෙත් මධුසංඛ(ඇලපාත ම.වි. නිවිතිගල), බාලිකා - එල්. ඡේ. රණසිංහ(රිවිසඳ ම.ම.වි., මාවනැල්ල)
පාපැදි(- බාලක - කේ. කේ. මධුසංඛ කන්නන්ගර(නාරද ම.වි. බලංගොඩ, බාලිකා - විරංගා හේමකුමාරි(හෙට්ටිමුල්ල ක.වි.කෑගල්ල)
සහය දිවීම - බාලක - ශා. මරියා ම.වි. කෑගල්ල, බාලිකා - ශා. ජෝශප් බා.වි.කෑගල්ල
මලල ක්‍රීඩා පාසල් ශූරතාව - ශා. මරියා ම.වි. කෑගල්ල, බාලිකා - ශා. ජෝශප් බා.වි. කෑගල්ල)
2012/07/06
කෑගල්ල හිගුල දේවාලයේ සිට සබරගමුව පළාත් පාසල් ගිණිසිළුව රැගත් දරු දැරියන් පෙ.ව 10.45 ට පමණ රත්නපුර දිස්ත්‍රික් සීමාව වන දිවමපිටිය සිරි සමන් විද්‍යාලය අසළින් භාර ගැනීම රත්නපුර කලාප අධ්‍යාපක අධ්යක්ෂ තුමා ඇහැලියගොඩ කොටඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය විසින් බාර ගැනීමෙන් අනතුරුව
සමන් දේවය දක්වා රගෙන ඒම ආරමභ කලා.
2012/02/27
![]() |
රෝහන කරුණාරත්න මහතා ( ක්‍රීඩා අධ්යක්ෂ) |
අද රත්නපුර සුමන බාලිකා විද්‍යාලීය ප්‍රධාන ශාලාවෙදී පැවැත්වුණා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ රෝහන කරුණාරත්න මහතාගේ විශේෂ රැස්වීමක්.මෙ සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරු මහත්ම මහත්මීන්ව කැදවලා තිබුනත් පැමිණ සිටියේ 147 දෙනෙක් පමනයි.අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පී.තේනබදු මහතාත් සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවෙ ක්‍රීඩා අධ්යක්ෂ උපසාර අලහකෝන් මහතා වගේම රත්නපුර කලාපයේ වසන්ත හෙට්ටිආරච්චිමහතා( ස.අ.අ.ක්‍රීඩා) වගේම කලාප සම්බන්ධීකරණ ගුරු මහත්ම මහත්මීන් ගුරු උපදේශඛ මහත්ම මහත්මීන් සියලු දෙනාත් පැමිණ සිටියා.
2012/02/21
විශේෂිත' ක්‍රීඩා උළෙලක්

ප්‍රථම වතාවට රත්නපුර අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත්වී විශේෂිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා උළෙලක් සංවිධානය කළේය. මෙම ක්‍රීඩා උළෙලේ සබරගමුව පළාත් ක්‍රීඩා තරග පසුගියදා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ අවස්ථාවට බළන්ගොඩ, පැල්මඩුල්ල, නිවිතිගල ඇහැලියගොඩ, දෙහිඕවිට, ඇඹිලිපිටිය, කෑගල්ල, රත්නපුර මාවනැල්ල ආදී අධ්‍යාපන කලාපවල විශේෂිත දරුවෝ එක්වූහ.
මෙම සංකල්පය සබරගමුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ආර්. අබේසිංහ මහතාගේයි. ඔහු පවසා සිටියේ මෙහි මූලික අරමුණ මේ විශේෂිත අධ්‍යාපනය ලබන ළමයින් සතුටු කිරීමයි. මෙම ක්‍රීඩා උළෙලේ විශේෂ ආරාධිතයා වූ සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උත්සව සභාව වෙත කැඳවාගෙන ආවේ විශේෂිත අධ්‍යාපනය ලබන ළමයින්ගේ තූර්ය වාදන කණ්ඩායම මඟිනි. එය කාගේත් සිත් ගත්තේය. මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ zzමේ ළමයි අපේ පුරවැසියන්. ඒ නිසා මේ අය අපට අඩුතක්සේරුවක් කරන්න බෑ. මේ ළමයින්ගේ අධ්‍යාපනය සඳහා පළාත් අධ්‍යාපන ඇමැති ලෙස හැකි සියලු පහසුකම් ලබාදෙන බව කීය. තරග ඉසව් 90 ක් දින තුනක් තිස්සේ පැවැති අතර කුසලානය මාවනැල්ල කලාපයට හිමිවිය. එම අවස්ථාවට රත්නපුර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඇම්. බී. ජයසිංහ, විශේෂ අධ්‍යාපන අධ්යක්ෂ සුජීව පොන්සේකා, කලාප ක්‍රීඩා අධ්යක්ෂ අධ්යක්ෂ වසන්ත කුමාර, අධ්‍යාපන ගණකාධිකාරී අයි. ඩී. රණසිංහ යන නිලධාරීහු එක්වූහ.