අධ්‍යාපන අමාත්‍යංශයේ නව ක්‍රීඩා විෂයය භාර අධ්‍යක්ෂ වැඩ භාරගනියි

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ක්‍රීඩා විෂයය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස බී.ඒ. අබේරත්න මහතා අද දින වැඩ භාරගන්නා ලදි.

ඒ මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වන අතර දිවයිනේ ජාතික පාසල් කිහිපයක සැලකිය යුතු කාලයක් විදුහල්පති වශයෙන් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහුගේ වෘත්තීය ජීවිතයේදී පාසල් ක්‍රීඩා සංගම් බොහොමයක සභාපති වශයෙන් කටයුතුකර ඇති අතර විදුහල්පති වශයෙන් සේවය කරන කාලවලදී පාසල් ක්‍රීඩා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙයක් කරන ලද විදුහල්පතිවරයෙක් ද වේ.   
අපගේ උණුසුම්‍ සුභපැතුම්‍
  අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියට බඳවා ගැනීම සඳහා පැවැති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල  අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ නිවිතිගල කොට්‍ඨාශයේ ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශිකා සුමිතා දෙල්ගොඩආරච්‍චි මිය ලකුණු 191 ලබා ගනිමින් 7 වැන් ස්ථානයට තේරී පත්වී ඇත. 

බාධක දිනා ජයගත්තේ දහසක් බාධක මැදයි - චාමිකා ජයමිණී

හොඳ වර්ගයේ සපත්තු දෙකක් නැති නිසා පාවහන් නැතිව මා තරගයට එක්වෙලා ශ්‍රී ලංකාවට පදක්කමක් දෙන්න ලැබීම භාග්‍යයක් බව මීටර් 3000 බාධක දිවීමේ ලෝකඩ පදක්කම දිනූ චාමිකා ජයමිනි ‘දිනමිණ’ට පැවැසුවාය.
ගොඩකුඹුර මියනවිට මහා විදුහලේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය පසුව රත්නපුර සුමන බාලිකා විදුහලට ඇතුළත්ව අපොස උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන්නීය. ඩී. ආර්. පාලිත මහතාගේ පුහුණුව යටතේ ක්‍රීඩා පිටියේ පෙරැළිකරන මේ යොවුන් ක්‍රීඩිකාව සුළු ව්‍යාපාරික කටයුත්තකින් පවුලක් නඩත්තු කරන ආර්. ඒ. ජිනදාස මහතාගේ එකම දියණියයි. මවගෙන් හා එකම සහෝදරයාගෙන් ලැබෙන දිරියට යුතුකමක් එක් කළ චාමිකා බාධක මැද බාධක දිවීමේ තරගය ජයගත් බව පවසයි.
“මා ගොඩක් ආර්ථික අපහසුතා මැද ගමෙන් ආපු ක්‍රීඩිකාවක්. මට මේක සිහිනයක් සැබෑ වීමක්. අපි වගේ ගම්වල අයට අතහිත දෙනවා නම් තව තවත් ජයග්‍රහණ ලබාගන්න පුළුවන්” දෑසට නැගුණු කඳුලු පිසලූ ඇය සඳහන් කළාය.

සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා 2012
අඔලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය 2012 ජූලි මස 13/14/15/16 දින
                                                                                            
 සමස්ත ශුරතාව කෑගල්ල දිස්ත්‍රික්කයට

සමස්ත අනු ශුරතාව රත්නපුර දිස්ත්‍රික්කයට
ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති සබරගමු පළාත් අන්තර් පාසල් ක්‍රීඩා උළෙලේ (ජුලි 13-16) දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් රත්නපුර කුමර විදුහලේ ඩබ්. කේ. එම්. උදය කුමාරද දක්‍ෂතම ක්‍රිඩිකාව වශයෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බා. විද්‍යාලයේ පබසරා ඒකනායකද සම්මාන දිනූහ. සමස්‌ත උළෙලේ ලකුණු 825 ක්‌ ලබාගත් කෑගල්ල කළාපයටත්, අනුශූරතාව ලකුණු 615 ක්‌ ලබාගත් රත්නපුර කළාපයටත් හිමිවිය. තරගාවලියේ නව වාර්තා 16 ක්‌ බිහිවූ අතර වාර්තා සමකිරීම් දෙකක්‌ද වාර්තා විය.

තරග ප්‍රථිඵල

වොලිබෝල්- බාලක - රාජසිංහ ම.ම. වි. රුවන්වැල්ල, 

                    බාලිකා - ධර්මපාල ම.වි. ඇහැළියගොඩ

කැරම්-          බාලක - ශාන්ත ඇලෝසියස්‌, රත්නපුර,

                    බාලිකා - සුමන බාලිකා වි. රත්නපුර, ශාන්ත ජෝශප් බාලිකා කෑගල්ල.

දැල්පන්දු -      ශා. ජෝශප් බා. කෑගල්ල.

පැසිපන්දු-          බාලක - කෑගලු විද්‍යාලය කෑගල්ල, 

                        බාලිකා - සුමන බාලිකා වි. රත්නපුර.

ත්‍රොa බෝල්-        බාලක - කෑගලු විද්‍යාලය, කෑගල්ල, 

                          බාලිකා - ශා. ජෝශප් බාලිකා වි. කෑගල්ල.

මේස පන්දු -       බාලක - කෑගලු විද්‍යාලය කෑගල්ල, ඩඩ්ලි සේනානායක ම.වි. කෑගල්ල, 

                       බාලිකා - සුමන බාලිකා වි. රත්නපුර.

එල්ලේ-           බාලක - කුලරත්න ම.ම.වි. ගොඩකවෙල,

                       බාලිකා - වැල්කෙනියාය වි. ගොඩකවෙල.

කබඩි-           බාලක - ශා. මරියා වි. කෑගල්ල, 

                     බාලිකා - මයුරපාද ම.ම. වි. මාවනැල්ල.

කරාතේ-         බාලක - පින්නවල ම.ම.වි. පින්නවල, 

                      බාලිකා - ශා. ජෝශප් බාලිකා විදුහල කෑගල්ල.

ක්‍රිකට්‌-             බාලක - උඩගම ම.වි. පින්නවල, 

                      බාලිකා - සුමනබාලිකා වි. රත්නපුර.

චෙස්‌-             බාලක  ශා. මරියා වි. කෑගල්ල, 

                    බාලිකා - පර්ගසන් උසස්‌ බා. වි. රත්නපුර, ශා. ජෝශප් බාලිකා කෑගල්ල.

බැඩ්මින්ටන්-       බාලක - කෑගලු විද්‍යාල, කෑගල්ල,

                         බාලිකා - ශා. ජෝශප් බා.වි කෑගල්ල.

ජිම්නාස්‌ටික්‌-       බාලක - බාබුල් හසන් ම.වි. වරකාපොල, 

                        බාලිකා - කෑගල් විද්‍යාලය කෑගල්ල.

ශාරීරික අභ්‍යාස- බාලක - පොහොරබාව ම.වි. පරකඩුව, 

                        බාලිකා ආනන්ද වි. හිදැල්ලන.

දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්

11 න් පහළ- බාලක -එල්. එම්. විඡේවර්ධන, මුහන්දිරම් ක. වි. දෙහිඕවිට(දුර පැනීම මී. 4.04),    බාලිකා - එච්. එම්. භාග්‍යනී ලක්‌මිණී බණ්‌ඩාර(රංවල මහානාග වි. දෙහිඕවිට - දුර පැනීම මී. 100 තත්. 150)

13 න් පහළ බාලක- බිම්සර හේෂාන්(ජනාධිපති විදුහල, ඇඹිලිපිටිය - දුර පැනීම මි. 4.91)        බාලිකා(- නෙත්මි සෙනාරා(ශා. ජෝශප් බා.වි.කෑගල්ල- මී. 100 තත්. 14)

15 න් පහළ බාලක- කලිඳු බණ්‌ඩාර(ලයිසියම් ජාත්‍යන්තර පාසල, රත්නපුර - දුර පැනීම මී. 5.71),     

                බාලිකා- මනේෂා සඳුමිණී(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 100)

17 න් පහළ බාලක- චමල් චතුරංග(සීවලී ම.ම.වි.රත්නපුර - මී. 100 තත්. 11.02),

                 බාලිකා - නවාංජනා සමරසිංහ(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 200 තත් 26.00)

19 න් පහළ බාලක- උදය කුමාර(කුමර වි. රත්නපුර - දුර පැනීම මී. 7.17), 

                 බාලිකා - ශිවන්ති කුමාරි(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 400 තත්. 58.03)

21න් පහළ බාලක- ආර්. ඩී. බණ්‌ඩාර(ශා. මරියා ම.වි. කෑගල්ල(මී. 400, තත්. 50.04) 

              බාලිකා - පබසරා සේනානායක(ශා. ජෝශප් බා.වි.කෑගල්ල - මී. 200 තත්. 25.2)

මාර්ග ධාවන-     බාලක - ඩබ්. ජී. ජිනෙත් මධුසංඛ(ඇලපාත ම.වි. නිවිතිගල)

                       බාලිකා - එල්. ඡේ. රණසිංහ(රිවිසඳ ම.ම.වි., මාවනැල්ල

පාපැදි   -    බාලක - කේ. කේ. මධුසංඛ කන්නන්ගර(නාරද ම.වි. බලංගොඩ), 

                බාලිකා - විරංගා හේමකුමාරි(හෙට්‌ටිමුල්ල ක.වි.කෑගල්ල)

සහය දිවීම - බාලක - ශා. මරියා ම.වි. කෑගල්ල, 

                  බාලිකා - ශා. ජෝශප් බා.වි.කෑගල්ල

මලල ක්‍රීඩා පාසල් ශූරතාව - ශා. මරියා ම.වි. කෑගල්ල, 

                         බාලිකා - ශා. ජෝශප් බා.වි. කෑගල්ල